WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දියාවේ ඓතිහාසික අවස්ථාවට තව සුළු මොහොතයි

2023 August 23- Page Views : 741

සඳ මත චන්ද්‍ර යානයක් ගොඩබැස්වූ සිව් වන ජාතිය බවට පත්වීම සඳහා ඉන්දියාව විසින් යවනු ලැබූ චන්ද්‍රයාන් 3 අද (23) සන්ධ්‍යාවේ සඳෙහි දකුණු ධ්‍රැව ප්‍රදේශයට ගොඩබැස්වීමට නියමිතයි.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ, ඉන්දීය වේලාවෙන් අද පස්වරු 06.04ට එම ඓතිහාසික අවස්ථාව උදාවන බවයි.

සඳේ මෙතෙක් ගවේෂණයට ලක්නොවූ දකුණු ධ්‍රැව ප්‍රදේශයට ලූනා යානයක් ගොඩබැස්වීමට රුසියාව දැරූ ප්‍රයත්නය අසාර්ථක වී දින කිහිපය ඇතුළත මෙලෙස ඉන්දියාවේ අවස්ථාව උදා වී තිබේ.

හින්දි සහ සංස්කෘත භාෂාවලින් සඳ යානය යන අරුත් ඇති චන්ද්‍රයාන්, සඳේ දක්ෂිණ ධ්‍රැවයට ළඟාවීමට දරන දෙවැනි ප්‍රයත්නය මෙය වේ.

චන්ද්‍රයාන් 2, 2019 වසරේ දැරූ ප්‍රයත්නය අසාර්ථක වූයේ, එය සඳ මතට කඩා වැටීමෙනි.

චන්ද්‍රයාන් 3, සඳේ දක්ෂිණ ධ්‍රැවයට සාර්ථක ගොඩබැස්වීමක් සිදුකිරීමට හැකිවුවහොත් ඉන්දියාවට එහි ආවාටවල ද්‍රව අයිස් විශ්ලේෂණයට ඉඩ සැලසෙනු ඇත.

එය සඳේ භූවිද්‍යාත්මක සංයුතිය හඳුනාගැනීමට විශේෂයෙන් වැදගත් බව අභ්‍යවකාශ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

චන්ද්‍රයාන් 3 මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා ඉන්දියාව පුරා පන්සල්, පල්ලි කෝවිල්වල ආගමික මෙහෙයන් පැවැත්වෙන අතර, පාසල් දරුවෝ ඉන්දීය ධජ ලෙලවමින් චන්ද්‍රයාන් සඳ මත ගොඩබසින සජීවි දර්ශන නැරඹීමට පෙළගැසී සිටිති.

බ්‍රික්ස් සමුළුවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එය නරඹන්නේ, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර සිටයි.