වැග්නර් ප්‍රධානියාගේ මරණය ගැන අනුමානයක්
2023 August 26- Page Views : 741
වැග්නර් ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් මිය ගිය බවට අනුමාන කෙරෙන ජෙට් යානයක් කඩා වැටුණු ස්ථානයෙන් මළ සිරුරු 10ක් සහ ගුවන් රෙකෝඩර සොයා ගත් බව රුසියාව පවසයි.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ, මේ පිළිබඳ අණුක ජාන පරීක්ෂණ දැන් සිදුකෙරෙමින් පවතින බවයි.
බෝම්බයක් හෝ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් ගුවන්යානය විනාශ වන්නට ඇති බවට අනුමාන කරන බව බොහෝ විශ්ලේශකයන්ගේ මතය වී ඇත.
ප්‍රිගොෂින් ඝාතනය කිරීමට ක්‍රෙම්ලිනය නියෝගයක් ලබාදුන් බවට කරන ප්‍රචාර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
කෙසේ නමුත් විදෙස් වාර්තා සඳහන් කරන්නේ, අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳ මේ වන තෙක් නිශ්චිත නිගමනයකට පැමිණ නොමැති බවයි.