හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිදෙනෙකු මරුට
2023 August 27- Page Views : 741
අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් තිදෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඔස්ට්‍රේලියාවේ පැවති යුද අභ්‍යාසයක් අතරතුර මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, පිලිපීනය, ඉන්දුනීසියාව ඇතුළු රටවල සහභාගීත්වයෙන් එම යුද අභ්‍යාසය පවත්වා ඇති බව සඳහන්ය.
යුද අභ්‍යාසයට සහභාගී වූ අමෙරිකානු හමුදා සාමාජිකයන් පිරිසක් රැගත් හෙලිකොප්ටර් යානය ඔස්ට්‍රේලියාවේ ටිවි දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ දී අනතුරට ලක් ව ඇති අතර, අනතුරින් මියගොස් ඇත්තේ, අමෙරිකානු නාවික හමුදා සාමාජිකයන් තිදෙනෙකු බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.
තුවාල ලැබූ තවත් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද වාර්තා වේ.