WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජපානයත් සඳ අල්ලන්න යානයක් යවන්න හදයි

2023 August 28- Page Views : 741

ජපන් අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයත් සඳට රොබෝ යානයක් යැවීමට සූදානම් වෙයි.

ජපන් විද්‍යාඥයන් මෙම යානය නම් කර ඇත්තේ ‘මූන් ස්නයිපර්’ යන නමිනි. යානය සඳට ගොඩබෑමට නියමිත බව ද පැවැසෙයි.

ජපාන විද්‍යාඥයන් ඔවුන්ගේ අභ්‍යවකාශ වැඩසටහන ඔස්සේ, සඳට යානයක් යැවීමට උත්සහ ගන්නේ වසර ගණනක සිටය.

2022 වසරේ ද ජපන් විද්‍යාඥයන් සඳට යානාවක් ගොඩබෑමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය.

පසුගිය මාසයේ ජපන් විද්‍යාඥයන් නව රොකට්ටුවක් අත්හදා බැලුවේය. එය අසාර්ථක වූයේ රොකට්ටුව පුපුරා යෑමෙනි.

විද්‍යාඥයන් සඳට යැවීමට සූදානම් වන්නේ මීටර් 2.4 ක් උස, මීටර් 2.7 ක් පළල, මීටර් 1.7 ක් දිග කිලෝ ග්‍රෑම් 700 ක් බර රොබෝ යානයකි.

ජපානයේ සුප්‍රකට සෙල්ලම් බඩු සමාගමක් සමඟ එක් වී ජපන් විද්‍යාඥයන් නිර්මාණය කළ කුඩා රෝවර් යානයක් ද ‘මූන් ස්නයිපර්’ චන්ද්‍රයානය තුළ ඇත.

සඳුගේ පස පරීක්ෂා කිරීම මෙම මෙහෙයුමේ අරමුණ වෙයි.

‘මූන් ස්නයිපර්’ යානය උඩු ගුවනට තල්ලු කරන රොකට්ටුව ආධාරයෙන් චන්ද්‍රිකාවක් ද අභ්‍යවකාශයට යැවීමට කටයුතු කරන බව ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.

අභ්‍යවකාශයට යැවෙන ‘මූන් ස්නයිපර්’ යානය යානය, පෘථිවි ගුරුත්ව බලය යොදා ගනිමින්, සඳ බලා යනු ඇත. ඒ සඳහා මාස කීපයක් ගත වනු ඇතැයි ජපාන විද්‍යාඥයෝ පැහැදිලි කරති.