ඉන්දුනීසියානු මුහුදේ ප්‍රබල භූකම්පනයක්
2023 August 29- Page Views : 160
ඉන්දුනීසියාවේ බාලි සහ ලොම්බොක් දුපත්වලට උතුරින් වූ ගැඹුරු මුහුදේ අද (29) අලුයම ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ.
රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දුනීසියානු සහ එක්සත් ජනපද භූ විද්‍යා ඒජන්සි විසින් සුනාමි අවදානමක් නොමැති බව ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.