‘චන්ද්‍රයාන් 3‘ මෙහෙයුමට අයත් ‘ප්‍රාග්යාන්‘ රොබෝ රෝවර් යානය, නූලෙන් බේරෙයි
2023 August 29- Page Views : 168
ඉන්දීයාව විසින් සඳමතට යැවූ ‘චන්ද්‍රයාන් 3‘ මෙහෙයුමට අයත් ‘ප්‍රාග්යාන්‘ රොබෝ රෝවර් යානය, ඊට ලබා දී තිබුණු උපදෙස් අනුව, සඳ මත ධාවනය කරමින් තිබියදී, ආවාටයකට වැටෙන්න ගොස් ඉන් බේරී ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.
අදාළ ආවාටය මීටර් 4 ක් පමණ පළලින් යුක්ත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කෙසේ වෙතත් යානය නවත්වා, එහි ගමන් මඟ වෙනස් කිරීමට විද්‍යාඥයන් විසින් ඊට අදාළ උපදෙස් ලබා දී තිබෙනෙවා.