යුක්‍රේනයේ පාසල් 1,300ක් විනාශ වෙයි
2023 August 31- Page Views : 184
2022 පෙබරවාරි මාසයේ දී රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කළ අතර මේ වනවිට වසරකට අධික කාලයක් ගත වී ඇත.
යුද්ධය නිසා රටවල් දෙකෙහිම දරුවන් හට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමකි.
ඒ අනුව 2022 රුසියානු ආක්‍රමණයෙන් පසුව යුක්‍රේනයේ පාසල් 1,300 ක් මුළුමනින්ම විනාශ වී ඇති බව UNICEF සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළි වී තිබේ.
රුසියානු ප්‍රහාර එල්ල වීමේ අවදානම හේතුවෙන් තවත් යුක්‍රේන පාසල් රැසක් වසා දමා ඇති බව UNICEF සංවිධානයේ නවතම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙනු ලබයි.
එමෙන්ම එම වාර්තාවට අනුව, මේ වනවිට යුක්‍රේනයේ පාසල් අධ්‍යාපනය ලබන්නේ එම වයසේ පසුවන දරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙක් පමණි.
ගැටුම් හේතුවෙන් රට හැර ගොස් ඇති යුක්‍රේන පවුල්වල දරුවන්ගෙන් අඩකට වැඩි පිරිසක් රජයේ අධ්‍යාපනය ලැබීමට ලියාපදිංචි වී නොමැති බව වාර්තාවල සඳහන් වෙයි.
අඛණ්ඩව පාසල් පැමිණීමට නොහැකි වීම හේතුවෙන් සිසුන්ට මෙතෙක් ලැබූ දැනුම ද මතකයෙන් ගිලිහෙමින් පවතින බව එම වාර්තා තවදුරටත් පෙන්වා දෙයි.
ගුරුවරුන් පවසන්නේ සිසුන් තුළින් භාෂා භාවිතයේ දුබලතා ද මේ වනවිට පෙන්නුම් කෙරෙන බවය.