WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තවත් බැලැස්ටික් මිසයිල දෙකක්

2023 August 31- Page Views : 189

උතුරු කොරියාව විසින් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා තිබේ.

කෙටි දුර මිසයිල දෙකක් මෙලෙස අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම මිසයිල දකුණු කොරියානු මුහුදු ප්‍රදේශයට පතිත වී තිබේ.

දකුණු කොරියාව සහ අමෙරිකාව වාර්ෂිකව සිදුකරන ඒකාබද්ධ යුද අභ්‍යාසවලට ප්‍රතිචාර ලෙස උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බැලීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දීර්ඝ කාලයක සිට උතුරු කොරියාව විසින් අදාළ යුද අභ්‍යාස තරයේ ප්‍රතික්ෂේප කර තිබුණි.