WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මංගල උත්සවයක දී සිදුකළ වෙඩිතැබීමකින් දෙදෙනෙක් මරුට

2023 September 04- Page Views : 187

කැනඩාවේ ඔටාවා හි මංගල උත්සවයක දී සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මංගල උත්සවයේ භෝජන සංග්‍රහය සිදුවන අවස්ථාවේ ඊට ඇතුළු වු පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔටාවා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.