යුක්‍රේන ආරක්ෂක ඇමති ඉවතට
2023 September 04- Page Views : 189
යුක්‍රේන ආරක්ෂක අමාත්‍යවරයාව එම තනතුරින් ඉවත් කිරීමට පියවර ගත් බව එරට ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.
යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය ඇලෙක්සි රෙස්නිකෝව් ව ඒ අනුව එම ධුරයෙන් ඉවත් කළ බව සෙලෙන්ස්කි පැවසීය.
ඔහුගෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ නියමයෙන් පත් කර ඇත්තේ එරට උසස් නිලධාරියෙකුව සිටි රුස්තන් උමියරොෆ් ය.
යුද්ධය සඳහා නව ප්‍ර වේශයක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගත් බව නව පත්වීම නිවේදනය කරමින් ජනාධිපති සෙලෙන්ස්කි පැවසීය.
රුසියානු - යුක්‍රේන යුද ගැටුම් ආරම්භ වූ 2022 වසරේ පෙබරවාරි 24 වැනිදා පටන් එරට ආරක්ෂක අමාත්‍ය ධුරය හෙබවූයේ 57 හැවිරිදි රෙස්නිකෝව් විසිනි.
දූෂණ වංචා පිළිබඳ රට තුළ දැඩි විමර්ශනයක් ක්‍රියාත්මක වන පසුබිමක මෙය සිදුව ඇති නමුත් රෙස්නිකෝව් කිසිදු දූෂණ චෝදනාවක් සෘජුව එල්ල වී නොතිබීම විශේෂත්වයකි.
හිටපු ආරක්ෂක අමාත්‍යවරයා එක්සත් රාජධානියේ නව තානාපතිවරයා ලෙස පත්කිරීමට නියමිතව ඇතැයි එරට මාධ්‍ය වාර්තා පැවසීය.