ගුවන් ප්‍රහාරයකින් කුඩා දරුවන් ඇතුළු 20ක් මරුට
2023 September 04- Page Views : 10
සුඩානයේ කාර්ටුම් අගනුවරට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබේ.
එරට හමුදාව විසින් කැරළිකරුවන් ඉලක්ක කරගනිමින් මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
සුඩාන හමුදා සහ පැරාමිලිටරි කැරලි බළකාය අතර පවතින ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 1100 කට වැඩි පිරිසක් මේ වන විට මියගොස් ඇති බව සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව දළ වශයෙන් මිලියන 2.2ක ජනතාවක් සුඩානය තුළ අවතැන් වී ඇති අතර මිලියන භාගයකට වැඩි පිරිසක් අසල්වැසි රටවල රැඳි සිටී.