උතුරු කොරියානු නායකයා දුම්රියෙන් රුසියාවට
2023 September 05- Page Views : 10
උතුරු කොරියානු නායක කිම් ජොං උන් මේ මාසයේදී රුසියාවේ සංචාරයකට සූදානම් වෙනවා.
මෙම සංචාරයේදී ජනාධිපති ව්ලැදිමියර් පුටින් හමුවීමට නියමිත අතර කෙසේ වෙතත් එම හමුව සිදුවන ස්ථානය හෝ උතුරු කොරියානු නායකයා රුසියාවට පැමිණෙන දිනය හෝ නිශ්චිතව ප්‍රකාශ කර නැහැ.
මෙම හමුවේදී යුක්රේනය සමඟ යුද්ධය සඳහා අවශ්‍ය ආයුධ උතුරු කොරියාවෙන් මිල දී ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.
විදෙස් වාර්තා සඳහන් කළේ උතුරු කොරියානු නායකයා බොහෝ දුරට දුම්රියෙන් රුසියාවට පැමිණෙනු ඇති බවයි.