WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පුතාගෙ කසදෙට කේන්දර බලනකොට පෙලවහක් දැනටමත් තිබෙන බව නැකැත්කරු කියලා

2023 September 05- Page Views : 41

පුතාට කසාදයක් කර දෙන්නට වේලාපත්කඩය බලන්න ගිය පියෙකුට පුතා ඒ වනවිටත් පවුල් කන පුද්ගලයකු බව පෙන්වා දුන් නැකැත්කරුවකු පිළිබඳව වයඹ හා බස්නාහිර මායිම් ගම්මානයකින් වාර්තාවිය.

වයඹ මායිමේ වෙසෙන එක්දරු පියෙකි. පුතා වියපත් වෙමින් සිටියත් කසාදයකට කැමැත්තක් නොදක්වමින් කල් ගත කරන්නට වූයේය. පුතා නිතරම කල්ගත කළේ මිතුරන්ගේ නිවෙස්වලය. පුත්‍රයා නිවසේ රඳවාගැනීමට නම් විවාහයක් කරදිය යුතු බව දෙමහල්ලෝ අදහස් කළහ.

ඒ අනුව මේ පියා බස්නාහිර පළාතේ නැකත්කරුවකු හමුවීමට ගියේ පුතාගේ හදහනද රැගෙනය. පුද පඬුරු තැබූ පියා පුතාට කසාදයකට මග පිළියෙළ කර දෙන්නැයි ඉල්ලා සිටියේය.

මේ කේන්දරය දුටු නැකත්කරුට දැක පුරුදු කේන්දරයක් බව පෙනීගියේය. ඉකුත් දිනෙක තමන් පොරොන්දම් ගලපා දුන්නේ මේ කේන්දරය හිමි තරුණයකුට හා තරුණියකට බව ඔහුට පසක්විය. ඒ අනුව තමන්ගේ අසල්වැසි තරුණියක හා ඔහු මාස කිහිපයකට පෙර විවාහවූ බවද නැකත්කරුට කල්පනා විය. කේන්දරය අතේ තියාගෙන දැඩි කල්පනාවක නිමග්නවූ නැකත්කරු මේ කේන්දරය හැටියට නම් මේවනවිටත් විවාහයක් කරගෙන ඇතැයි පියාට පැවසුවේ ඔහු පුදුමයට පත්කරමිනි.

නැහැ මගේ පුතා තවම බැඳලා නැහැ. පියා පිළිතුරු දුන්නේ එක හඬිනි. ‘ඒ කියන්නේ පුතා නිතරම ගෙදර ඉන්නවාද?' නැකත්කරුගෙන් යළි ප්‍රශ්නයකි. නැහැ.

එයා නිතර යාළුවන්ගේ ගෙවල් වල යනවා පියාගේ පිලිතුර විය. "මට නම් මේ කේන්දරය හැටියට පුතා පවුල් කන බව නම් විශ්වාසයි. කී නැකත්කරු අද හෙටම් ඔබට ඒ බව දැනගන්න ලැබෙන්නත් පුළුවන් බවට අනාවැකියක්ද පළකළේ දින දෙකකින් වැඩි විස්තර ගෙන යන්නට එන්නැයි ඉල්ලා සිටිමිනි. පැයක් හමාරක් ගත විය.

පියා යළි නැකත්කරු සොයා ආවේය. "මහත්තයෝ කිව්වා කරිනේ මගේ ඒකා මේ පැත්තේම ගෙදරක ඉන්නවා මම දැක්කා ගිහින් හොයා බලද්දී මේකා හොර රහසේ කසාදයක් කරගෙන නේ. මේකා යාළුවන්ගේ ගෙවල් වල යනවා කියලා ගෙදරින් ගිහින් තියෙන්නේ මේ අඹුව බලන්නනේ. මේකාගේ සයිකලේ නතර කරලා තියෙනවා දැකලා මම ගිහින් විපරම් කරද්දී තමා සේරම දැන ගත්තේ යැයි කී පියා නැකත්කරුගේ දක්ෂතාව අගේ කරන්නට වූයේ පුතාට දෙස් දෙවොල් තබමිනි.