WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වැග්නර් කුලී හේවා කණ්ඩායම, බ්‍රිතාන්‍යය තුළ ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට සැලසුම්

2023 September 06- Page Views : 10

රුසියාවේ වැග්නර් කුලී හේවා කණ්ඩායම, බ්‍රිතාන්‍යය තුළ ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට එරට රජය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව එම සංවිධානයේ සාමාජිකයෙකු වීම හෝ ඊට සහයෝගය දැක්වීම නීති විරෝධී වනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එසේම ඉදිරියේදී රුසියානු වැග්නර් කුලී හේවා කණ්ඩායමේ වත්කම්, ත්‍රස්තවාදී දේපළ ලෙස වර්ගීකරණය කර රාජසන්තක කිරීමට අදාළ නීති කෙටුම්පත් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.