WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නම වෙනස් කරන ඉන්දියාව

2023 September 06- Page Views : 10

ඉන්දියාවේ නම වෙනුවට භාරතය යන වදන භාවිත කරමින් ඉන්දීය ජනාධිපති සහ අගමැතිවරයා නිකුත් කළ ලිපි කිහිපයක් හේතුවෙන් ඉන්දියාව තුළ ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ.

ඒ නුදුරේදීම ඉන්දියාවේදී ආරම්භවීමට නියමිත G20 රාජ්‍ය නායක සමුළුවේ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ආරාධනා පත් යැවීමේදී, එරට ජනාධිපතිනී ද්‍රවුපදී මුර්මු, භාරතයේ ජනාධිපතිනිය ලෙස දක්වා යැවූ අවසර පත්‍රයක් මුල් කරගෙනය.

නිල උත්සවයක් සඳහා ඉන්දියාව වෙනුවට භාරතය යන යෙදුම භාවිත කළ පළමු අවස්ථාව මෙය වේ.

ඉන් අනතුරුව සිය ඉන්දුනීසියානු නිල සංචාරය නිවේදනය කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි පළකළ සටහනේ ද දැක්වුණේ භාරත අගමැතිවරයාගේ ඉන්දුනීසියානු සංචාරය ලෙසය.

භාරතය යන වදන ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු ව්‍යවස්ථාවේ ද සඳහන්ව ඇති අතර, එහි දැක්වෙන්නේ ඉන්දියාව යනු භාරතය බවය.

මේ අතර රටේ නම, භාරතය ලෙස වෙනස් කිරීම සඳහා වන කෙටුම්පතක්, ලබන 18 සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ඉන්දිය පාර්ලිමේන්තු විශේෂ සැසිවාරය අතරතුර සාකච්ඡාවට ගැනීමට නියමිත බවට ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.