හිරු ගවේෂණයට යන ඉන්දීය යානය සෙල්ෆි ගහලා
2023 September 07- Page Views : 10
ඉන්දියාව හිරු ගවේෂණයට යැවෙන, ‘ආධිත්‍යා එල්.1’ රොබෝ යානය, එහි කැමරාව භාවිතයට ගනිමින් සෙල්ෆි ඡායාරූප ලබා ගෙන ඇති බවත්, ඒවා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන්ට එවා ඇති බවත් වාර්තා වේ.
‘ආධිත්‍යා එල්.1’ හිරු අසලටම නොයයි. යානය රැඳවෙනු ඇත්තේ හිරු සහ පෘථිවිය අතරේ ඇති, තාරකා විද්‍යාඥයන් විසින් ‘ලග්‍රාන්ජ් පොයිට්’ යන නමින් හැඳින්වෙන ස්ථානයේය.
මෙම ස්ථානය ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක් දුරිනි. මෙම ස්ථානයට යෑමට ‘ආධිත්‍යා එල්.1’ රොබෝ යානයට දින 125 ක් ගතවෙයි.
‘ආධිත්‍යා එල්.1’ රොබෝ යානය, අභ්‍යවකාශය හරහා ‘ලග්‍රාන්ජ් පොයිට්’ යන වෙත යන්නේ පෘථිවි කක්ෂයේ රැඳෙමින්, පෘථිවිය වටා යමින්, අවශ්‍ය ප්‍රවේගය ලබා ගැනීමෙන් පසුවය.
ඉන්දියාව, හිරු ගවේෂණයට රොබෝ යානයක් යවන පළමු අවස්ථාව වන්නේ මෙයයි.