ස්ත්‍රී දුෂණ සඳහා වැරදිකරු වූ අමෙරිකානු නළුවාට දැඩි දඬුවම්
2023 September 08- Page Views : 10
කාන්තාවන් දෙදෙනෙක් ව දුෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ අමෙරිකාවේ ප්‍රකට නළුවෙක්ට වසර 30ක සිර දඬුවමක් නියමකර තිබේ.
That '70s Show නම් ටෙලිවිෂන් කථාංග මාලාව හරහා ප්‍රසිද්ධියට පත් ඩැනී මාස්ටර්සන් නම් එම නළුවා මීට වසර කිහිපයකට පෙර අදාළ වරදවල් සිදුකර ඇති බවට අධිකරණයේදී අනාවරණය විය.
මේ වනවිට 47 වැනි වියේ පසුවන මාස්ටර්සන් ට සමාව දී නිදහස් කිරීමේ අවස්ථාව ලැබෙන්නේ වසර 25කට පසුවය.