ශීත සෘතුවේ දී රුසියානු ප්‍රහාර ප්‍රබල වන ලකුණු
2023 September 08- Page Views : 10
ශීත ඍතුවේ යුක්රේනයට සිදු වන්නේ කුමක් ද රුසියාවේ උපක්‍රමීය ප්‍රහාර වැළැක්වීමට යුක්රේනයට බටහිරින් ලැබෙන නව ආයුධ සමත්වේ ද යන්න මේ දිනවල බරපතළව සාකච්ඡා වන මාතෘකා වේ.
යුක්රේන යුද්ධය දෙවැනි ශීත ඍතුවටත් එළැඹෙද්දී යුක්රේන හමුදා එක්තරා අන්දමකින් චකිතයකට පත්කරන කරුණක් පෙරට පැමිණෙමින් තිබේ.
ඒ, ශීත ඍතුවේ රුසියානු ප්‍රහාරයකට මුහුණ දෙන්නේ කෙසේ ද යන කාරණය පිළිබඳය.
දෙවැනි ලෝක යුද්ධයේ දී හිට්ලර්ගේ නාසි හමුදා රුසියානු හමුදා අතින් පරාජයට පත්වුණේ, ශිත ඍතුවේ එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරයකිනි.
පසුගිය ශිත ඍතුවේ දී රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් යුක්රේනයේ බලශක්ති සැපයුම් පද්ධතිවලින් අඩක්ම අක්‍රිය විය.
ඒ, රුසියානු කෘෘස් මිසයිල සහ ඉරානයේ නිෂ්පාදිත ෂාහෙඩ් ඩ්‍රෝන යානා මඟින් යුක්රේනයේ විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණාගාරවලට හානි සිදුවූ නිසාය.
එහි දී මිලියන සංඛ්‍යාත යුක්රේන වැසියන්ට අඳුරේ සිටීමට ද සිදු විය.
ශීත ඍතුවේ විදුලිය අවශ්‍ය වන්නේ ආලෝකය ලබාගැනීමට පමණක් නොවේ.
නිවාස උණුසුම්ව තබාගැනීමට ද විදුලිය අවශ්‍ය වේ.
ඉරානයේ නිෂ්පාදනය කරන ෂාහෙඩ් -136 වර්ගයේ ඩ්‍රෝන යානා තම රටේ නිෂ්පාදනය කිරීමට රුසියාව කටයුතු යොදා ඇති බව ද අනාවරණය වී තිබේ.
මේ නිසා මෙවර ශීත ඍතුවේ දී රුසියාවෙන් සිය බලශක්ති ප්‍රභවයන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බව යුක්රේන ආරක්ෂක අංශවල විශ්වාසයයි.
එවැනි ප්‍රහාරයක් මේ මස අග දී හෝ ඔක්තෝබර් මස මුල දී එල්ල විය හැකි බව යුක්රේන බුද්ධි අංශ පවසයි.
එහෙත් බටහිරින් ලැබුණු නව ගුවන් ආරක්ෂණ පද්ධති මඟින් ඩ්‍රෝන ප්‍රහාර හැකි තාක් වළක්වා ගැනීමට යුක්රේනයට හැකියාවක් පවතින බව ද ආරක්ෂක විශ්ලේෂකයෝ පවසති.
විශේෂයෙන් ජර්මනිය ලබාදුන් ගෙහාඩ් ප්‍රහාරක පද්ධතිවලට කිලෝමීටර 12ක රේඩාර් පරාසයක් පවතින නිසා, රුසියානු ඩ්‍රෝන ප්‍රහාරවලට එරෙහිව සාර්ථකව යොදාගත හැකි බව යුද විශ්ලේෂකයෝ විශ්වාස කරති.