WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඩ්‍රෝන ප්‍රහාරයකින් 40ට දිවි අහිමිවෙයි

2023 September 11- Page Views : 10

සුඩානයේ කාර්ටූම් අගනුවර ජනාකීර්ණ වෙළෙඳපොළකට එල්ලවු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 40දෙනෙකු මියගොස් තිබේ.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දකුණු කාර්ටූම් හි කුරෝ වෙළෙඳපොළට එල්ල වු මෙම ප්‍රහාරය සුඩාන හමුදා විසින් පැරාමිලිටරි බළකාය ඉලක්ක කර එල්ල කර ඇති බව සඳහන් වේ.

කාර්ටූම් හි නගර දෙකක පාලනය නැවත ලබා ගැනීම සඳහා මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

මීට සතියකට පමණ පෙර ද එරට හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මියගොස් තිබු බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.