පාකිස්තානයේ රෝහලක් අසල පිපිරීමක්
2023 September 11- Page Views : 10 පාකිස්තානයේ පෙෂාවර් නගරයේ රෝහල් සංකීර්ණයක් අසල බෝම්බ පිපිරීමක් සිදුව තිබේ.
ආරක්ෂක අංශ රැගත් රථයක් ඉලක්ක කරගනිමින් පිපිරීම සිදු ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එහිදී එක් ආරක්ෂක අංශ නිලධාරියෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම කිසිදු ත්‍රස්ත සංවිධානයක් විසින් මෙතෙක් භාර ගෙන නොමැති බව වාර්තා වේ.