WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නීල් ගැන ඔස්ට්‍රේලියාව ගත් තීරණය මෙන්න

2023 September 11- Page Views : 10

සිය පවුලට ස්ථීර පදිංචිය ඉල්ලා සිටිමින් පා ගමනක නිරත වූ ශ්‍රී ලාංකිකයාට ඔස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිය පිරිනැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2008 වසරේදී ශ්‍රී ලාංකික සරණාගතයෙකු ලෙස ඔස්ට්‍රේලියාව වෙත ගොස් ඇති ඔහු නීල් පාරා නමැති අයෙකි.

පසුගිය අගෝස්තු මස 01 වනදා කිලෝමීටර් 1,000 පා ගමනක් මොහු ආරම්භ කළේ තමන් ඇතුළු සියලු සරණාගතයින්ට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාදෙන ලෙසට රජයට බලකරමින්.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආරම්භ කළ ඔහුගේ පා ගමනේ අවසාන ඉලක්කය සිඩ්නි අග්‍රාමත්‍ය කාර්යාලයේදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මුණගැසීම බවය.

කෙසේ වෙතත් සිය ගමනාන්තය වෙත නීල් පාරා ළඟාවීමට ප්‍රථමයෙන් ඔහුට එරට පුරවැසිභාවය හිමිවූ බවට වූ පුවත දැනුම්දී තිබේ.

ඒ අනුව වසර 09කට ආසන්න කාලයක් කිසිදු වීසා බලපත්‍රයක් නොමැතිව එරට රැඳී සිටි නීල් පාරා, ඔහුගේ බිරිඳ සහ දරු තිදෙනාට ඔස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිය හිමිවනු ඇති.