න්‍යෂ්ටික අවි තහනම් කිරීම ගැන ගිවිසුමක්
2023 September 12- Page Views : 10
න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳව ගිවිසුමට අත්සන් තැබීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට මෙලෙස අනුමැතිය හිමි ව ඇති බව සඳහන්ය.
න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් තැබීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා 2021 දෙසැම්බර් 20 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබුණි.
ඒ අනුව මේ මස නිව්යෝක් හී දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සභා රැස්වීමට සමගාමීව පවත්වනු ලබන උත්සවයේ දී එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.