WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 11ක් මරුට

2023 September 13- Page Views : 10

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයේ ට්‍රක් රථයක් බස් රථයක ගැටීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

බස් රථය රාජස්ථානයේ පුෂ්කාර් සිට උත්තර් ප්‍රදේශ් හි දක්වා ධාවනය වෙමින් තිබියදී අලුයම 4.30 ට පමණ මෙම අනතුරට මුහුණ දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඉන්ධන අවසන් වීමෙන් පසු බස් රථය ලකාන්පූර් ප්‍රදේශයේ ඇන්ත්‍රා ගුවන් පාලම අසල නතර කර ඇති අවස්ථාවේ ට්‍රක් රථය පිටුපසින් පැමිණ බස්රථයේ ගැටී ඇත.

අනතුරින් පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු සහ කාන්තාවන් 6 දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.