WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලිබියාවේ රට තුළින් ආ සුනාමිය

2023 September 14- Page Views : 10

ලිබියාවේ දර්නා නගරයේ ඇති වූ ගං වතුර තත්ත්වය හේතුවෙන් මියගිය ගණන 18,000ත් 20,000ත් අතර වෙතැයි අනුමාන කරන බව එහි නගරාධිපතිවරයා පවසයි.

ඩැනියෙල්ස් සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ අධික වර්ෂාව නිසා වේලි දෙකක් කැඩී යාම සිදු වූ අතර, එහි දී මුහුදට ආසන්න නගර කිහිපයක් විනාශ විය.

එම නගරවල ජීවත් වූ විශාල පිරිසක් අධික ජල පහර හේතුවෙන් මුහුදට ඇදී ගොස් තිබිණි.

බලධාරීන් පවසන්නේ, ඉන් 5,000ක් පමණ මියගොස් ඇති බවත් 10,000කට අධික පිරිසක් අතුරුදන් ව ඇති බවත්ය.

තවත් විශාල පිරිසක් ඉන් අනතුරට පත් ව ඇති බවත් ඔවුහු පැවසූහ.

මේ වනවිට ලිබියාවේ පාලනය කණ්ඩායම් දෙකක් සතු ව ඇති අතර, සහන කටයුතු සඳහා ඔවුන් එකතුව සිටින බව ද මාධ්‍ය වාර්තා පවසයි.

එසේම අසල්වැසි රාජ්‍යවලින් සහන කණ්ඩායම් මෙන්ම දිවි බේරී ඇති පිරිස් සඳහා ආහාර පාන සහ සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා අසල්වැසි රටවල් ඉදිරිපත් වී තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ, වේලි කැඩී යාමෙන් අනතුරු ව සුනාමි මෙන් ඇති වූ ජලපහර නිසා, ගම් විශාල ගණනක් විනාශ වී ඇති බවයි.