WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී නියමුවන් දෙදෙනෙක් මරුට

2023 September 18- Page Views : 10

අමෙරිකාවේ නෙවාඩා හි රෙනෝ නගරයේ පැවති ජාතික ශූරතා ගුවන් සංදර්ශනයේ දී සිදුවු අනතුරකින් ගුවන් නියමුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

ගුවන් සංදර්ශනය අතරතුර යානා දෙකක් ගොඩබෑමට යාමේදී ඒවා එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුර සම්බන්ධයෙන් එරට ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය, ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සහ පළාත් පාලන ආයතනය එක්ව පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.