20දෙනෙකුට දිවි අහිමි කළ අනතුර
2023 September 19- Page Views : 10
දකුණු අප්‍රිකාවේ උතුරුදිග දේශසීමාව ආසන්න ප්‍රදේශයකදී ට්‍රක් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබේ.
සිම්බාබ්වේ දේශසීමාවට ආසන්න ලිම්පෝපෝ පළාතේ දී එම අනතුර සිදුව ඇත.
පතල් කැනීම්වල නිරතව සිටින කම්කරුවන් පිරිසක් අනතුරට ලක් වූ බස් රථයේ ගමන් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඔවුන් දකුණු අප්‍රිකාවේ විශාලතම දියමන්ති පතලේ සේවකයන් වේ.
ට්‍රක් රථයේ රියදුරුට බලපත්‍රයක් නොමැති බවත් එම රථය ධාවනය සඳහා සුදුසු නොවන තත්ත්වයක පැවති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.