WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඩොලර් බිලියන 6ක සිරකරු හුවමාරුව

2023 September 19- Page Views : 10

ඉරානයේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටි බවට චෝදනා කෙරෙන අමෙරිකානු ජාතිකයින් පස්දෙනෙක් නිදහස් කිරීමෙන් අනතුරුව අමෙරිකාව බලාපිටත් වී තිබේ.

ඉරානය පවසන්නේ ඔවුන් සිරකරුවන් බවය.

ඔවුන්ව නිදහස් කිරීම සඳහා දකුණු කොරියාවේ රඳවා තිබූ ඩොලර් බිලියන 6ක ඉරානය සතු මුදල් නිදහස් කෙරිණි.

එම මුදල් දෝහා හි පිහිටි බැංකුවකට ඒ අනුව නිදහස් කර තිබුණි.

මෙම කටයුත්ත සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කර ඇත්තේ කටාර් රාජ්‍ය බව විදෙස් මාධ්‍ය පවසයි.

එසේ නිදහස් කර තිබුණේ අමෙරිකාවේ සහ ඉරානයේ ද්විත්ව පුරවැසිභාවය හිමි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකි.