රංගන ශිල්පී විජයිගේ දියණිය සියදිවි නසාගනී
2023 September 19- Page Views : 10
කොලිවුඩ් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පියෙක් මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙක් ද වන විජයි ඇන්ටනීගේ දියණිය සියදිවි නසාගෙන තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඇය චර්ච් පාර්ක් පාසලේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇති බවය.
කිසියම් මානසික ආතතියකින් පසුවී ඇති දියණිය ඊයේ (18) රාත්‍රියේ නින්දට ගොස් අලුයම 3ට පමණ නිවසේ විදුලි පංකාවේ එල්ලී සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වේ.
පසුව විජයි ඇන්ටනී විසින් දියණියව බේරාගෙන මෝටර් රථයකින් කාවේරි රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
දැරිය පරීක්ෂා කර ඇති වෛද්‍යවරුන් පවසා ඇත්තේ, ඇය ඒ වනවිටත් මියගොස් සිටි බවය.
රංගන ශිල්පී විජයි ඇන්ටනී 2006 වසරේ දී ෆාතිමා සමග විවාහ දිවියට පැමිණ ඇති අතර, මියගොස් ඇත්තේ මීරා නැමති 16 හැවිරිදි දියණියයි.
කෙසේවෙතත් මෙම සිදුවීමෙන් සිනමා ක්ෂේත්‍රය දැඩි ලෙස කම්පාවට පත්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.