අසර්බයිජානය සිය ප්‍රතිත්‍රස්ත මෙහෙයුම අවසන් කරයි
2023 September 21- Page Views : 10
අසර්බයිජානය, මතභේදයට තුඩු දී තිබෙන නගොර්නෝ - කර්බාක් කලාපයේ ක්‍රියාත්මක කළ ප්‍රතිත්‍රස්ත මෙහෙයුම අවසන් කර තිබේ.
ඒ, එම කලාපය පාලනය කළ ආර්මේනියානු බෙදුම්වාදීන් සමඟ ඇතිකර ගත් සටන් විරාමයට අනුවයි.
මෙම ගිවිසුමට අනුව අවි අත්හැර විසිර යාමට බෙදුම්වාදීන් කැමැත්ත පළ කර ඇති බව අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියෙව් නිවේදනය කරයි.
එමෙන්ම කලාපයේ රැඳී සිටින ආමේනියානු හමුදා ඉන් ඉවත් ව යා යුතු බව ද රුසියාවේ මැදිහත් වීමෙන් ඇති කරගත් සටන් විරාම ගිවිසුමේ දැක්වේ.
නගොර්නෝ - කර්බාක් කලාපය අසර්බයිජානයට අයත් බවට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් තිබුණත් එය මෙතෙක් පාලනය වූයේ, ආර්මේනියානු බෙදුම්වාදීන් යටතේය.
එම කරුණ මුල්කරගෙන වරින් වර දෙරට අතර ගැටුම් හටගැනිණි.
මෙවර ගැටුම්වලින් පුද්ගලයින් තිස් දෙදෙනෙකු මියගිය බව අසර්බයිජානය පවසන අතර, ආමේනියානු බෙදුම්වාදීන්ට අනුව මෙම ගණන 200 ඉක්මවන බව සඳහන්ය.