බන්ධනාගාරයක් මුදා ගැනීම සඳහා හමුදා මෙහෙයුමක්
2023 September 21- Page Views : 10
සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් අත්පත් කරගෙන සිටි බන්ධනාගාරයක පාලනය යළි ලබා ගැනීම සඳහා වෙනිසියුලානු හමුදාව විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
එරට උතුරු ප්‍රදේශයේ පිහිටි එම බන්ධනාගාරය වසර ගණනාවක සිට අපරාධ කණ්ඩායමක් විසින් අත්පත් කරගෙන සිට ඇති බව වාර්තා වේ.
විශාල ප්‍රදේශයක පිහිටි මෙම බන්ධනාගාරය තුළ රැඳී සිටින පුද්ගලයන්ට එහි නිදහසේ සැරිසැරීමේ හැකියාව ලබා දී තිබූ අතර, රාත්‍රී සමාජ ශාලාවක්, නාන තටාකයක් මෙන්ම කුඩා ප්‍රමාණයේ සත්වෝද්‍යානයක් ද එහි පිහිටා ඇති බව සඳහන්ය.
සිරදඬුවම් නියම වූ රැඳවියන් සමඟ පිටස්තර පුද්ගලයන් ද එහි වාසය කරමින් සිටි බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
බන්ධනාගාරයේ පාලනය ලබා ගැනීම සඳහා වෙනිසියුලානු රජය 11,000ක හමුදා කණ්ඩායමක් පිටත් කර හැර ඇති අතර, එහි සිටින රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත යොමු කිරීමට ද නියමිත ව ඇති බව වාර්තා වේ.