යුක්‍රේනයට ආයුධ සැපයීම නතර කරන බව පෝලන්තය කියයි
2023 September 22- Page Views : 10
තවදුරටත් යුක්‍රේනයට ආයුධ සැපයීම නවතා දමන බව පෝලන්තය පවසා තිබේ.
පෝලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ නවීන ආයුධවලින් ආරක්ෂාවීම කෙරෙහි පෝලන්තයේ අවධානය යොමුවී ඇති බවය.
රුසියාව, යුක්‍රේනයට එරෙහි මානුෂීය මෙහෙයුම ආරම්භක අවධියේ සිටම පෝලන්තය යුක්‍රේනයට සහාය පළ කර තිබුණි.
අමෙරිකාව ඇතුළු බටහිර රාජ්‍යයන් ගෙන් ලැබුණු ආයුධ යුක්‍රේනයට ප්‍රවාහනය කෙරුණේ ද පෝලන්තය හරහාය.
නමුත් යුක්‍රේන ධාන්‍ය ගෙන්වීම තහනම් කිරීමට පෝලන්තය තීරණය කිරිමෙන් පසු යුක්‍රේන ජනාධිපතිවරයා එක්සත් ජාතින්ගේ සංවිධානය තුළදී ද පෝලන්තයට දැඩි විවේචන එල්ල කළ අතර එරටට එරෙහිව නඩු පවරන බවද ප්‍රකාශ කර තිබුණි.
කෙසේවුවද මෙම තත්ත්වය යුක්‍රේනයට බරපතළ ලෙස බලපෑම් එල්ල කරන බැවින් අමෙරිකාව ඇතුළු බටහිර රටවල් මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබේ.