අමෙරිකාවෙන් යුක්‍රේනයට දිගු දුර මිසයිල
2023 September 23- Page Views : 10
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේනයට දිගු දුර මිසයිල ලබා දීමට සැලසුම් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, කියෙව් වෙත අඛණ්ඩ ප්‍රතිප්‍රහාර සඳහා උපකාර කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි.
කිලෝමීටර් 300ක් දක්වා පරාසයක විහිදෙන අධිතාක්ෂණයෙන් යුත් මිසයිල කිහිපයක් යුක්‍රේනයට ලැබෙනු ඇති බව වාර්තා වේ.
මෙම මිසයිල මඟින් රුසියානු ඉලක්ක වෙත ඉතා පහසුවෙන් පහර දීමට හැකියාව පවතින බව යුද විශ්ලේශකයෝ පෙන්වා දෙති.