නයිජීරියාවේ ගින්නකින් 34 දෙනෙකු මරුට
2023 September 24- Page Views : 10
නයිජීරියාවේ බෙනින්හි ඉන්ධන ගබඩාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 34 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ, මියගොස් සිටි පිරිස අතර කුඩා දරුවන් දෙදෙනකු ද වන බවයි.
එම ඉන්ධන ගබඩාව නීතිවිරෝධී ආකාරයෙන් පවත්වාගෙන ගොස් ඇති අතර, ගින්නෙන් එය පුපුරා ගොස් ඇති බව වාර්තා වේ.
ඉන්ධන ගබඩාව පුපුරා යන අවස්ථාවේ මෝටර් රථ, යතුරුපැදි, ත්‍රිරෝද රථ ඇතුළු වාහන රැසක් ඉන්ධන ලබාගැනීම සඳහා පැමිණ සිටි බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.
නයිජීරියාව ප්‍රධාන ඉන්ධන නිෂ්පාදකයෙකු වන අතර, රට තුළ සහ එහි දේශසීමා ආශ්‍රිත ව ඉන්ධන ජාවාරම සාමාන්‍ය දෙයක් බව සඳහන්ය.
ඒවා ආශ්‍රිත ඇතැම් අවස්ථාවල දී ගිනි ගැනීම් ද සිදු වන බව වාර්තා වේ.