WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීනය සහ පිලිපීනය අතර උණුසුම් තත්ත්වයක්

2023 September 25- Page Views : 10

දකුණු චීන මුහුදේ "පාවෙන බාධකයක්" දැමීම හේතුවෙන් චීනය සහ පිලිපීනයය අතර මතභේදයක් ඇතිවී තිබේ.

චීන වෙරළ ආරක්ෂක බලඇණිය විසින් එම "පාවෙන බාධකය" ස්ථාපනය කර ඇති අතර පිලිපීනය පවසන්නේ ඒ හේතුවෙන් සිය ධීවරයින්ට මාළු ඇල්ලීම සඳහා මුහුදු යා නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවය.

දකුණු චීන මුහුදේ සීමාවන් සම්බන්ධයෙන් දෙරට අතර මතභේද තිබේ.

Bajo de Masinloc නම් කලාපය ඉතා සශ්‍රික මෙන්ම මසුන් බහුල ප්‍රදේශයක් ලෙස ප්‍රකටය.

එම කලාපයේ ඇති කොරල් පර විනාශකළ බවට ද පිලිපීන බලධාරීන් මීට පෙර චීනයට චෝදනා කළේය.

නමුත් එම චෝදනා චීනය ප්‍රතික්ෂේප කළේය.