WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අසර්බයිජානයේ පිපිරීමකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට

2023 September 26- Page Views : 10

අසර්බයිජානයේ Nagorno-Karabakh කලාපයේ පිහිටි ඉන්ධන ගබඩාවක සිදු වූ පිපිරීමකින් 20 දෙනෙකු පමණ මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඉන් තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා වේ. Nagorno-Karabakh ප්‍රදේශයේ 120,000 පමණ ආර්මේනියානුවන් වාසය කරන බව සඳහන්ය.

ස්ටෙපනකර්ට් ප්‍රධාන නගරයේ මෙම පිපිරීම සිදු වී ඇති නමුත් පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බව වාර්තා වේ.

Nagorno-Karabakh ප්‍රදේශයේ දැනට පවතින වෛද්‍ය පහසුකම් ද ප්‍රමාණවත් නොවන බව විදෙස් මාධ්‍යය සඳහන් කර ඇත.