අමෙරිකාවේ ප්‍රාන්තයක් අඩපණ කළ තරුණ තරුණියෝ
2023 September 28- Page Views : 10
තරුණ තරුණියක් සිය ගණනක් එක්වී වෙළෙඳසැල් කොල්ලකෑමේ පුවතක් අමෙරිකාවේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.
දුරකථන සහ විද්‍යුත් උපාංග අලෙවිසැල්, සුරාසැල් ඇතුළු වෙළෙඳසැල් රැසක් ඔවුන් මෙලෙස කොල්ලකා තිබේ.
ඒ අනුව ප්‍රාන්තයේ සුරාසැල් සියල්ල වසාදැමීමට බලධාරීන් කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 20 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ.