WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඩොනල්ඩ් ට්‍රම්ප් නීතිවිරෝධී ලෙස ඩොලර් මිලියන ගණන් උපයා ඇති බවට චෝදනා

2023 October 03- Page Views : 10

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහි සිවිල් වංචා නඩුව ඊයේ (02) නිව් යෝර්ක් අධිකරණයකදී ඇරඹිණි.

එහිදී රජයේ නීතිඥවරයා චෝදනා කළේ හිටපු ජනාධිපතිවරයා තම දේපොළ අලෙවි සමාගම් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබාදී වංක ලෙස ඩොලර් මිලියන 100ක් පමණ උපයා ඇති බවයි.

එහිදී නීතිපති ලෙටිටීයා ජේම්ස් පවසන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ස් ට එරෙහිව ඩොලර් මිලියන 250ක දඩයක් පැනවිය යුතු බවත් ඔහුට සහ ඔහුගේ පුත්‍රයන් දෙදෙනාට නිව් යෝර්ක් හි ව්‍යාපාරවල යෙදීම තහනම් කළයුතු බවත් ය.

එසේම ට්‍රම්ප් ට සහ ඔහුගේ සමාගමට එරෙහිව දේපොළ වෙළෙඳාමේ යෙදීම වසර 5ක් තහනම් කළයුතු බවටත් නීතිපති වරයා යෝජනා කරයි.