WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කෙවින් මැකාතිව ධුරයෙන් ඉවත් කිරීමට මෙහෙයුමක්

2023 October 03- Page Views : 10

අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක කෙවින් මැකාති එම ධුරයෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන ඔහු පසුගියදා අමෙරිකානු රජයේ ආයතනවලට අරමුදල් සැපයීම සඳහා වන පනතක් සම්මත කිරීම සඳහා රිපබ්ලිකන් පක්ෂයේ සහාය ලබාදීමට පියවර ගෙන තිබුණි.

මේ හේතුවෙන් අමෙරිකානු රජය වසා දැමීමේ තීරණය වැළැක්වී ගිය අතර ඊට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දක්වන රිපබ්ලිකන් පක්ෂයේ තවත් කණ්ඩායමක විරෝධය එල්ල වී තිබේ.

කථානායකවරයා ඇමරිකානු උප ජනාධිපතිවරයාට පසුව ජනාධිපති ධුරයේ අනුප්‍රාප්තික රේඛාවේ දෙවෙනියා ලෙස කටයුතු කරයි.

ඔහුට ඉවත් වීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර අමෙරිකානු කථානායකවරයෙකු ඉල්ලා අස්වීමේ යෝජනාවක් මඟින් මේ දක්වා බලයෙන් පහකර නොමැති බව වාර්තා වේ.