WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පැය 24ට මරණ 24ක්

2023 October 03- Page Views : 10

ඉන්දියාවේ රෝහලකදී එක් දිනක් තුළ මරණ 24ක් සිදුවීමේ පුවතක් වාර්තා වෙයි.

මහාරාෂ්ඨ ප්‍රාන්තයේ ශංකර්රාඕ රජයේ රෝහලෙන් එම මරණ වාර්තා වන අතර එසේ මියගිය පිරිස අතර අලුත උපන් බිළිඳුන් 12 දෙනෙක්ද වෙයි.

අනෙක් 12 දෙනා විවිධ රෝගාබාධවලට ලක්වූ පිරිසක් වන බවත් ඉන් බහුතරයක් සර්පයින් දෂ්ඨ කිරීම හේතුවෙන් මියගොස් තිබුණි.

අවශ්‍ය තරම් කාර්යය මණ්ඩලය නොසිටීම සහ ඖෂධ හිඟය එම මරණවලට හේතුව බව එම රෝහලේ බලධාරීන් පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.