WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කෙවින් මැකාති ධුරයෙන් ඉවත්කෙරේ

2023 October 04- Page Views : 10

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක කෙවින් මැකාති විශ්වාසභංගයකින් පරාජය වී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, මේ සඳහා රිපබ්රිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද 08ක් සහ ඩිමොකටික් පක්ෂයේ මන්ත්‍රීවරුවන් 208 දෙනෙකු ඡන්දය භාවිත කර ඇති බවය.

ඒ අනුව ඡන්ද 216ට 210ක් වශයෙන් කථානායක කෙවින් මැකාති විශ්වාසභංගයකින් පරාජය වීම හේතුවෙන් එම ධුරයෙන් ඔහු නෙරපා හැර තිබේ.

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයෙකු මෙලෙස ඉවත් කළ පළමු අවස්ථාව මෙය බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ධුරයෙන් නෙරපූ කෙවින් මැකාති සභාව අමතමින් පවසා ඇත්තේ, තමා නැවත කථානායක ධුරයට තරග කිරීමට අදහස් නොකරන බවය.