WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉතාලි බස් අනතුරෙන් 21ක් මරුට

2023 October 04- Page Views : 10

ඉතාලියේ, වැනීස් නුවර සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබේ.

ගුවන් පාලමක් මතින් ගමන් කරමින් තිබු බස් රථය ඉන් ඉවතට පැන පෙරළීමෙන් අනතුර සිදුව ඇති අතර එහිදී බස් රථයේ ගින්නක් ද හටගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේන ජාතිකයින් 05 දෙනෙකු සහ ජර්මානු ජාතිකයෙකු අනතුරින් මියගිය පිරිස අතර වන බව ද විදෙස් මාධ්‍ය පවසයි.

අනතුරින් තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 05 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය තවදුරටත් සඳහන් කර ඇත