ඉන්දියාවේ ගංවතුරට ජීවිත 10ක් බිලි - 82ක් අතුරුදන්
2023 October 05- Page Views : 10
ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයේ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ලෝනක් විල පීටාර ගැලීමත් සමග මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගංවතුර හේතුවෙන් තවත් පුද්ගලයින් 82 දෙනෙකු පමණ අතුරුදන්ව තිබේ.
ඒ අතර ආරක්ෂක අංශ සාමාජිකයින් 22 දෙනෙකු ද වන බව වාර්තා වේ.
ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රාන්තයේ පාලම් 14ක් කඩා වැටී ඇති අතර සංචාරකයින් 3,000ක පමණ පිරිසක් ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශවල අතරමංව සිටින බව සඳහන්ය.