WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජපානයේ දූපත් කිහිපයකට අවදානම් නිවේදනයක්

2023 October 09- Page Views : 10

ජපානයේ ටොරිෂිමා දූපත අසළ ඇතිවූ භූමිකම්පාවකින් පසු සුනාමි අවදානම් නිවේදන වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එය අමාමි දූපත් සහ ටෝකියාව අසළ චිබා ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශ දක්වා ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

ටොරිෂිමා දූපත ආසන්නයේ රික්ටර් මාපකයේ 4.9 ක් ලෙස සටහන්වූ භූමි කම්පාව වාර්තාවී තිබුණේ එරට වේලාවෙන් අද (09) අලුයම් කාලයේදියි.

මේ වනවිටත් සමහර දූපත්වලට අඩි දෙකක් පමණ රළ ඉහළට ගොස් ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.