WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඊශ්‍රායලයෙන් බෝම්බ 6000ක්

2023 October 13- Page Views : 10

ඊශ්‍රායලය ගතවු දින 6 තුළ ගාසා තීරය වෙත කිලෝග්‍රෑම් 4,000ක පමණ පුපුරණ ද්‍රව්‍ය සහිත බෝම්බ 6,000ක් එල්ල කර තිබේ.

එම ප්‍රහාරවලින් නිවාස 12,600ක් විනාශවී ඇති බව වාර්තා වෙයි.

පලස්තීන වැසියන් 1,400 දෙනෙකු ඉන් ඝාතනය කර තිබේ.

ළමුන් 447 දෙනෙකු, කාන්තාවන් 248 දෙනෙකු, සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් 10 දෙනෙකු ඇතුළු සිවිල් වැසියන් මියගිය අය අතර වන බව පලස්තීන බලධාරීන් පවසයි.

ප්‍රහාර හේතුවෙන් පලස්තීන ජනගහණයෙන් පහෙන් එකක් පමණ අවතැන් වී සිටී.

ඊශ්‍රායලය විසින් පලස්තීනය වෙත ජලය, ආහාර, ඖෂධ සහ ඉන්ධන ලබාදීම අවහිර කිරිම හේතුවෙන් පලස්තීන වැසියන් දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවද වාර්තා වෙයි.

රෝහල්වලටද විදුලිය නොමැතිවීම හේතුවෙන් තුවාලකරුවන් මියයාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

හමාස් සංවිධානය ඊශ්‍රායලය වෙත එල්ල කළ ප්‍රහාරයට පළිගැනීමක් වශයෙන් ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ සිවිල් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන අතර එය ජාත්‍යන්තර යුධ නීතිය උල්ලංගණය කිරීමකි.

එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට මේ දක්වා සමත් වී නොමැත.