ගාසා තීරයේ ගැටුම්වලින් දරුවන් 614ක් ජීවිතක්ෂයට
2023 October 14- Page Views : 10
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1900 දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, ඉන් සියයට 60ක් කාන්තාවන් සහ කුඩා දරුවන් බවයි.
ඒ අනුව කුඩා දරුවන් 614 දෙනෙකු සහ කාන්තාවන් 370 දෙනෙකු ප්‍රහාරවලින් මිය ගොස් ඇති බව සඳහන්ය.
එමෙන්ම ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ තුවාල ලැබු පුද්ගලයන් සංඛ්‍යාව 7500 ඉක්මවන බව ද විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.
මේ අතර, ගාසා තීරයේ සිදු කළ මෙහෙයුම්වල දී හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ දී ප්‍රාණ ඇපයට ගනු ලැබු පුද්ගලයන් පිරිසක ගේ සිරුරු කොටස් හමු වී ඇති බව ඊශ්‍රායල මාධ්‍යය වාර්තා කර තිබේ.