WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඊශ්‍රායලයේ දී අත්අඩංගුවට ගත් කාන්තාවන්ව හඳුනාගනී

2023 October 16- Page Views : 10

ජෝර්දානයේ සිට අනවසරයෙන් දේශසීමා හරහා ඊශ්‍රායලයට ඇතුළුවීමේ දී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනාගේ අනන්‍යතාවය තහවුරු වී තිබේ.

මීට දින දෙකකට පෙර ශ්‍රී ලාංකික යැයි පැවසෙන කාන්තාවන් දෙදෙනෙකුව ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 50ක් වූ ජේ.ඒ. චමිලා තුෂාරි සහ වයස අවුරුදු 44ක් වූ කේ. ඒ. ශ්‍රියානි මංජුලා කුලතුංග යන කාන්තාවන්ය.

මෙම කාන්තාවන් දෙදෙනා ජෝර්දාන දේශසීමාව හරහා අනවසරයෙන් ඊශ්‍රායලයට ඇතුළු වූ බැවින් ඔවුන් නැවතත් ජෝර්දානයට යවන බව ද නිවේදනය කර ඇතැයි වාර්තා වේ.

කෙසේවෙතත් මෙම කාන්තාවන්ගේ ආරක්ෂාව හා ඉදිරි කටයුතු සිදුකරන බව ඊශ්‍රායලයේ, ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.