WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බෙල්ජියමේ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක්

2023 October 17- Page Views : 10

බෙල්ජියමේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙලෙස මියගොස් ඇත්තේ පාපන්දු තරගයක් නැරඹීම සඳහා පැමිණි ක්‍රීඩා ලෝලීන් දෙදෙනෙකු බවය.

මේ අතර පසුගිය සෙනසුරාදා අමෙරිකාවේ චිකාගේ ප්‍රදේශයේදී පලස්තීන සම්භවයක් සහිත 6 හැවිරිදි දරුවෙකුව ඝාතනය කර තිබුණි.

එම ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී කර ඇති බවට තොරතුරු වාර්තා වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

යතුරුපැදියකින් පැමිණෙන අයෙකු මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.

මේ අතර විදෙස් මාධ්‍ය අදාළ ත්‍රස්ත ප්‍රහාරය සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝවක් මෙලෙස වාර්තා කර තිබුණි.