හමාස් සටන්කාමීන් ප්‍රාණඇපකරුවන් මරනවා
2023 October 18- Page Views : 10
ගාසා තීරයේ අල් ආහිල් රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් පලස්තීන සිවිල් වැසියන් 500 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ හමාස් සටන්කාමීන් ඔවුන්ගේ ග්‍රහණයේ සිටින විදේශිකයන් ඝාතනය කිරීමට පටන්ගෙන ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
අල් ජසීරා පුවත් සේවය වාර්තා කර ඇති අන්දමට, රටවල් 42 ක පුද්ගලයෝ බොහෝ දෙනෙක් හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටිති.
ඇමෙරිකන් ඊශ්‍රායල වැසියන් බොහෝ දෙනකු ද හමාස් අත්අඩංගුවේ සිටි නමුත් ඊයේ (17) වනවිට ඔවුන්ගෙන් 25 දෙනකු හමාස් සංවිධානය ඝාතනය කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
තවත් ඇමෙරිකන් ඊශ්‍රායල වැසියන් 14 දෙනකු හමාස් ප්‍රාණ ඇපයේ සිටින බව ද වාර්තා වේ.