WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගාසා වැසියන්ට මානුෂීය ආධාර ලැබෙනවා - බයිඩන්

2023 October 19- Page Views : 11

ඊශ්‍රායල ගැටුම් හේතුවෙන් විපතට පත්වුණු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ඊජිප්තුව හරහා කඩිනමින් මානුෂීය ආධාර ලැබෙනු ඇති බව ඊශ්‍රායලයට ගොස් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.

ගාසා තීරය ඊශ්‍රායලයට සහ ඊජිප්තුවට මැදිව පිහිටයි. ගාසා පලස්තීන වැසියන්ට මානුෂීය ආධාර ලබා දීමට සිදුවන්නේ ඊජිප්තුවට සම්බන්ධ රෆා දේශසීමා පිවිසුම ඔස්සේය. ආධාර රැගත් ට්‍රන් රථ 20 ක් ගාසා තීරයට පැමිණෙනු ඇති බව ද බයිඩන් පැහැදිලි කර තිබේ.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පැහැදිලි කළේ ඊජිප්තු ජනාධිපති අල් සීසී සමඟ දුරකතනයෙන් සම්බන්ධ වී අර්බුදය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුවය.