WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මාලදිවයිනේ නව ජනාධිපතිගෙන් ඉන්දියාවට බරපතළ දැනුම්දීමක්

2023 October 23- Page Views : 10

තම රට තුළ රඳවා සිටින හමුදා කණ්ඩායම් ඉවත්කරගන්නා ලෙස මාලදිවයිනේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ආචාර්ය මොහොමඩ් මියුසි දැනුම්දී තිබේ.

බී බී සී පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු හෙළිකර ඇත්තේ අදාළ කාරණය සම්බන්ධයෙන් තමා ඉන්දීය මහ කොමසාරිස්වරයාට දැනුම් දුන් බවය.

"මම ඔහුට පැහැදිලිව දැනුම්දුන්න එකදු හමුදා සෙබළෙක්වත් මෙරට රඳවා නොතබන ලෙස..."

පසුගිය මස පැවති මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් ආචාර්ය මොහොමඩ් මියුසි ජය ලැබීය.

ඒ හේතුවෙන් ඉන්දියාව සහ මාලදිවයින අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටලු නිර්මාණය වීමට ඉඩ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

2018 සිට මාලදිවයින පාලනය කළ ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි ඉන්දියාවට ළැදිකමක් දැක්වූ අතර නව ජනපතිවරයා චීනයට ළැදිය.

ඉන්දියාව විසින් 2010, 2013 සහ 2020 වසරවලදී මාලදිවයිනට හෙළිකොප්ටර් යානා දෙකක් සහ කුඩා ගුවන්යානයක් පරිත්‍යාග කළේය.

නමුත් මෙම පරිත්‍යාග සම්බන්ධයෙන් මාලදිවයිනේ ජනතාව බලන්නේ සැකයෙනි.

එම යානා අලුත්වැඩියා කිරීමට සහ නඩත්තු කටයුතු සඳහා යැයි පවසමින් ඉන්දීය හමුදා සාමාජිකයින් 75 දෙනෙක් පමණ මේ වනවිට මාලදිවයිනේ රඳවා තිබේ.

නව ජනපතිවරයා පවසන්නේ ඉන්දීය සහ චීන බල අරගලය හමුවේ තම රට අපහසුතාවයට පත් නොවිය යුතු බවය.